Ministry of Mass Media and Information

භාෂාව තෝරන්න

| සිංහල | දෙමළ ඉංග්‍රීසි |



You are here  :
JA slide show
2013/2014 ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප‍්‍රදානය.
2014 ජූලි 18 වෙනි සිකුරාදා, 12:55

altalt

මහින්ද චින්තන ජාතික සංවර්ධන සැලැස්මට අනුව දියුණු ජනමාධ්‍ය සදාචාරයක් සඳහා සියලූ ජනමාධ්‍යවේදීන් දැනුමෙන් සහ අත්දැකීමෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් ආරම්භ කළ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2013/2014 වර්ෂ සඳහා තෝරාගත් ශිෂ්‍යත්වලාභීන් හට සහතිකපත් නිල වශයෙන් ප‍්‍රදානය කිරීමේ උත්සවය ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය ගරු ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ සහ අමාත්‍යාංශ ලේකම් චරිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2014 ජූලි මස 17 වන දින පස්වරු 1.00ට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශ ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණ.
මේ අවස්ථාවට මධ්‍යම පළාත් මහඇමති සරත් ඒකනායක මැතිතුමා සහ මාධ්‍යවේදීහු රැසක් සහභාගී වූහ.

 
ගුවන් යානා ඉන්ධන අලෙවියෙන් මත්තල ගුවන් තොටුපොළට ඩොලර් මිලියන 10.5ක ආදායම්
2014 ජූලි 18 වෙනි සිකුරාදා, 12:41

alt

ඔස්ට්‍රේලියා-මැදපෙරදිග රාජ්‍යයන්ට සමීපව මත්තල ගුවන් පථය පිහිටීමෙන් වාසි රැසක්

ලොව විශාලතම මගී-භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ගොඩ බෑමට සුවිශේෂි පහසුකම්

ඩුබායි වෙත දිනපතා ගුවන් ගමන් : ලෝකයේ ඕනෑම රටකට මත්තල සිට යෑමේ අවස්ථාව

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය මාස 15 තුළ ගුවන් යානා ඉන්ධන විකිණිමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක ආදායමක් උපයා තිබේ. වසර 2013 මාර්තු 18 ආරම්භ කළ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 12ක් ගුවන් යානා සඳහා ලබා දී ඇත.

තව දුරටත් කියවන්න...
 
“රාජ්‍ය සේවය ජනතාව පිණිසයි”
2014 ජූලි 17 වෙනි බ්‍රහස්පතින්දා, 00:00

altමහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාරව “රාජ්‍ය සේවය ජනතාව පිණිසයි” යන්න තහවුරු කරමින් ඉදිකරන ලද රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව කාර්යාල සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ජනතා අයිතියට පත්කරන ලද අතර ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද පිළිසඳරක නිරතව සිටි අයුරු. ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, නි‍යෝජ්‍ය ඇමැති විජය දහනායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙ‍නරත් මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
2013/2014 ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප‍්‍රදානය.
2014 ජූලි 16 වෙනි බදාදා, 11:25

altමහින්ද චින්තන ජාතික සංවර්ධන සැලැස්මට අනුව දියුණු ජනමාධ්‍ය සදාචාරයක් සඳහා සියලූ ජනමාධ්‍යවේදීන් දැනුමෙන් සහ අත්දැකීමෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් ආරම්භ කළ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2013/2014 වර්ෂ සඳහා තෝරාගත් ශිෂ්‍යත්වලාභීන් හට සහතිකපත් නිල වශයෙන් ප‍්‍රදානය කිරීමේ උත්සවය ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය ගරු ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ සහ අමාත්‍යාංශ ලේකම් චරිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2014 ජූලි මස 17 වන දින පස්වරු 1.00ට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශ ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.

තව දුරටත් කියවන්න...
 
මීටර් 300ක දිගම නෞකාවක් මාගම්පුර වරායට ඉන්ධන ලබාගැනීමට ඇවිත්...
2014 ජූලි 16 වෙනි බදාදා, 16:07

alt

හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් පර්යන්තයෙන් තෙල් ලබාගැනීම සඳහා මෙතෙක් වරායට පැමිණි දිගම නෞකාව අද (15) මාගම්පුර වරායට ළඟාවිය. මීටර් 300කින් දිග මීටර් 19ක් ගැඹුර මෙම නෞකාව (EURYDICE D) I.F. 380 ඉන්ධන මෙට්‍රික් ටොන් 1400 ක් ලබාගැනීම සිදු කෙරිණි.

 
නෙදර්ලන්ත දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට
2014 ජූලි 14 වෙනි සදුදා, 10:49

සිවුදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ වෙළෙඳ නියෝජ්‍ය ඇමැති සයිමන් ස්මිට්ස් (Simon Smits) මහතා ඇතුළු දූත පිරිසක් අද (14) ශ්‍රී ලංකාවට පැමිණෙති.

නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ නෙදර්ලන්තයේ වෙළෙඳ සමාගම්වල ව්‍යාපාරික දූත පිරිසක් ද පැමිණෙන අතර ඔවුන් සෞඛ්‍ය, ජලය සහ උද්‍යාන වගා යන වෙළෙඳ ක්ෂේත්‍ර නියෝජනය කරන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.

තව දුරටත් කියවන්න...
 
මාතර අභිමානයට 2015 දැයට කිරුළ සුවිශේෂී සම්පතක්
2014 ජූලි 14 වෙනි සදුදා, 10:19

alt

2015 දැයට කිරුළ 2015 ප්‍රදර්ශනය මාතර දී පැවැත්වීමට ගත් තීරණය මාතර හා මාතර දිසාවේ ජනතාව ලැබූ සුවිශේෂී සම්පතක් යැයි දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවැසීය.

දැයට කිරුළ ප්‍රදර්ශනයේ මූලික ඉදිකිරීම් කටයුතු සඳහා මාතර කොටවිල ලැබීම ප්‍රදේශයේ හා මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහල ආශ්‍රිත ප්‍රදේශයේ මුල්ගල් තැබීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.

තව දුරටත් කියවන්න...
 
ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගක්
2014 ජූලි 10 වෙනි බ්‍රහස්පතින්දා, 09:43

alt

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගක් ලෙස ලැබුණු පී 350 සහ පී 351 නෞකා මිහිකත සහ රත්නදීප නමින් අධිකාරිත්වයට පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ දී ඊයේ (09) සිදු කෙරිණි. එම අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා නාවික හමුදාවේ ජනාධිපති උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව ආචාර පෙළපාලිය පරීක්ෂා කළ අයුරු. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ද මෙහි සිටී. 

 
මාතර දැයට කිරුළ ප්‍රදර්ශන භූමි දෙක අවට යටිතල පහසුකම් නංවන්න රුපියල් මිලියන 10,000ක්
2014 ජූලි 09 වෙනි බදාදා, 10:57

alt

මාතර දැයට කිරුළ ප්‍රදර්ශන භූමි දෙක හා අවට මං මාවත්, ජලය, විදුලිය ඇතුළු සියලු පොදු පහසුකම් නංවාලීමට රුපියල් මිලියන දස දහසක් වැයවනු ඇතැයි රජය ගණන් බලා තිබේ. මේසා විශාල මුදලක් වැය කොට මාතර, කඹුරුගමුව, ලැබීම, කොටවිලවත්ත සම්පූර්ණයෙන්ම නව නගරයක් සේ නවීකරණය කෙරෙනු ඇතැයි දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශන කමිටු සභාපති සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

 
ජාතික පුරා විද්‍යා සතිය අද ඇරැඹේ
2014 ජූලි 07 වෙනි සදුදා, 13:52

alt

ජාතික පුරා විද්‍යා සතියක් අද (7) සිට ආරම්භ කෙරෙයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කරන පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවය අද දින පෙරවරු 9 ට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.

තව දුරටත් කියවන්න...
 
චීනයේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේදී ශ්‍රී ලංකාවට ඉහළම ආකර්ෂණයක්
2014 ජූලි 04 වෙනි සිකුරාදා, 11:59

alt

ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා චීනයේ ෂැන්හයි නුවර දී පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ඉහළම සාර්ථකත්වයක් ලබා ගනිමින් මහජන සහ පෞද්ගලික අංශයේ ඉහළම ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබේ. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 දා චීනයේ දී ඇරඹුණු මෙම වැඩසටහන මේ මස 6 දා තෙක් පැවැත්වෙන අතර ඒ සඳහා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ මෙන්ම ඒ කෙරෙහි උනන්දුවක් දක්වන චීන ජාතිකයන් සහ අනෙකුත් විදේශිකයන් විශාල පිරිසක් සහභාගි වන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

 

 
කොළඹ ක්‍රමයේ 63 වැනි සංවත්සරය සමරයි
2014 ජූලි 03 වෙනි බ්‍රහස්පතින්දා, 11:01

alt

පසුගිය දශක හය පුරා කොළඹ ක්‍රමයේ විශිෂ්ටත්වයේ සලකුණ වී ඇත්තේ එහි සාමාජික රටවල ඉතා හදිසි අවශ්‍යතා හඳුනාගැනීමට සහ වෙනස්වන තත්ත්වයන්ට අනුකූලව නව මුහුණුවරකින් යුතුව එහි වැඩසටහන් සැකසීමට එම සංවිධානය සතුව ඇති හැකියාව බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසිය.

තව දුරටත් කියවන්න...
 
ශ්‍රී ලංකාවේ උද්ධමනය 2.8 %දක්වා පහතට
2014 ජූලි 02 වෙනි බදාදා, 09:46

alt

කලාපීය වශයෙන් ආර්ථික ජයග්‍රහණ රැසක් ලබා තිබෙන ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 2.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාතර්මේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව පසුගිය මැයි මාසයේ පැවැති සියයට 3.2 ක උද්ධමන අගයට සාපේක්ෂව ජූනි මාසය අවසන් වනවිට මේ රටේ උද්ධමනය සියයට 2.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් පවසයි.

තව දුරටත් කියවන්න...
 
ලුම්බිණිය ආශ්‍රිතව ජගත් ගුවන් තොටක්
2014 ජූලි 16 වෙනි බදාදා, 16:10

alt

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය ආශ්‍රිතව අන්තර් ජාතික ගුවන් තොටුපොළක් ඉදිකිරීමට නේපාල රජය පියවර ගෙන ඇත. චීන රජයේ ආධාර මත ඉදිකෙරෙන මෙම ගුවන් තොටුපොළ ගෞතම් බුද්ධ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නම්වේ.

තව දුරටත් කියවන්න...
 
ලොව විශාලම ඇසළ මහා සිසු පෙරහරින්....
2014 ජූලි 14 වෙනි සදුදා, 10:57

alt

සිවු වැනි වරටත් පවත්වනු ලැබූ ලොව විශාලතම ඇසළ මහා සිසු පෙරහර පෙරේදා (12) වීථී සංචාරය කළේය.

කොළඹ මහානාම විද්‍යාලයෙන් ආරම්භ වූ පෙරහර කොළඹ විශාඛා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය යන ප්‍රධාන ස්ථාන 4ක් ඔස්සේ පෙළගැසණු අතර පෙරහර කොල්ලුපිටිය ගාලු පාර ඔස්සේ අරලියගහ මන්දිරය ඉදිරියෙන් ගමන් කර රොටන්ඩා උද්‍යානයෙන් නවම් මාවතින් පෙරහර මාවත ඔස්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණියේය .

තව දුරටත් කියවන්න...
 
විද්යුත් ජාතික හැඳුනුම්පත පිළිබඳ දැනුවත් කෙරේ
2014 ජූලි 14 වෙනි සදුදා, 10:44

දැනට භාවිතා කරන හැඳුනුම්පත වෙනුවට සියලු තොරතුරු ඇතුළත් විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම පිළිබඳව පෞද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ජනතාව දැනුවත් කරයි. ශ්‍රීලංකාවේ අයට පමණක් මෙම හැඳුනුම්පත නිකුත් කරන අතර එයට අදාළ අයදුම්පත්‍රයෙහි පවුලේ සියලුම අයගේ තොරතුරු ඇතුළත් කළ යුතුය.

තව දුරටත් කියවන්න...
 
ගාලු වරාය පසුගිය වසරේ මිලියන 20ක් ලාබ ලබයි
2014 ජූලි 11 වෙනි සිකුරාදා, 09:37

ගාල්ල වරාය පසුගිය වසරේ රුපියල් මිලියන 20ක ලාභයක් උපයා ඇතැයි මහාමාර්ග නාවික ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව යමින් ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස දියුණු කළ බවද එහි ප්‍රතිඵලයක් ලෙස මේ ලාභ ලැබීම හැඳින්විය හැකි බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

තව දුරටත් කියවන්න...
 
එදා අපේ තාත්තලා සංවර්ධනය ඉල්ලා උද්ඝෝෂණ කළා අද සමහරු සංවර්ධනය එපා කියා පාරට බහිනවා
2014 ජූලි 10 වෙනි බ්‍රහස්පතින්දා, 10:10

alt

එදා අපේ තාත්තලා සංවර්ධනය ඉල්ලලා උද්ඝෝෂණය කළා. අද සමහරු සංවර්ධනය එපා කියලා පාරට බහිනවා. සංවර්ධනය වැඩි වුණත් එවැනි ප්‍රශ්න මතු වෙනවා’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.මාතර කඹුරුගමුව කොටුවිල වත්ත සහ මැද්දවත්ත මහින්ද රාජපක්ෂ විද්‍යාලය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන දැයට කිරුළ වැඩසටහන් භූමියේ සංවර්ධන කටයුතු අරඹමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

 
මහා සංඝරත්නයේ අවශ්‍යතා වෙනුවෙන් රත්මලානල කොතලාවලපුර දෙමහල් සංඝාවාස මන්දිරයයක්.
2014 ජූලි 09 වෙනි බදාදා, 09:23

alt

දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන මහා සංඝරත්නයේ අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ රත්මලානල කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව දෙමහල් සංඝාවාස මන්දිරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඟ සතුකොට පූජාකළ අතර එම අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා මහ සඟරුවන සමඟ සුහඳ පිළිසඳරක නිරතව සිටි අයුරු.

 
රාජ්‍ය සේවා කොමිසමේ සභාපති වැඩ බාරගනී
2014 ජූලි 04 වෙනි සිකුරාදා, 12:04

alt

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නව සභාපති ලෙස පත්වූ ජනාධිපති නීතිඥ සත්‍යා හෙට්ටිගේ මහතා වැඩ භාරගැනීම ඊයේ (3) දින නාවල පාරේ පිහිටි රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ දී සිදුකෙරිණි

 
මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දෙකක් ඉදිරි දිනවල සිසු අයිතියට
2014 ජූලි 03 වෙනි බ්‍රහස්පතින්දා, 11:08

altහොරෙව්පොතාන රුවන්වැලි මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වන දින විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දහසක් පාසල් සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ එස්.එල්.එම්.ඩී. පියසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

තව දුරටත් කියවන්න...
 
”සුරම්‍ය වූ තිරසාර පොල් කර්මාන්තයක් සඳහා වූ ප‍්‍රතිපත්ති ක‍්‍රියාදාමයන් සහ තාක්ෂණය” උදෙසා
2014 ජූලි 02 වෙනි බදාදා, 17:21

altපොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය සහ ආසියානු හා ශාන්තිකර පොල් ප‍්‍රජාව එක්ව සංවිධානය කරනු ලබන 46 වන COCOTECH සමුළුව පිළිබඳ ප‍්‍රවෘත්ති සාකච්ඡාව 2014.07.02 වන දින ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශ ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණ. එම අවස්ථාවට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ඇතුළු නිළධාරීන් සහභාගී වූහ.

තව දුරටත් කියවන්න...
 
ජනාධිපති රාජ්‍ය සේවා කොමිසම පත්කරයි
2014 ජූලි 02 වෙනි බදාදා, 09:41

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අරලියගහ මන්දිරයේ දී ඊයේ (1) පස්වරුවේ පත් පත්කරනු ලැබිණි. වසර තුනක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන මෙම කොමිසමේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ සත්‍යා හෙට්ටිගේ මහතායි.

තව දුරටත් කියවන්න...
 


Page 1 of 22

ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති  අමාත්‍ය

 වැඩි විස්තර

 

ආචාර්ය චරිත හේරත් මහතා  ලේකම්චරිත හේරත් මහතා

 ලේකම්    

 

වැඩි විස්තර

speciol event

speciol

Media Licenses

Regulation Pages

appication 2

Online Research

gov link

loan

scholarship

loan facilities

ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය

   Code of Media Ethics

       මෙතැනින් බාගත කරන්න

බුද්ධිමය දේපල පනත

අංක 1687/28 සහ 2011.01.05 දිනැති අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශිත නියෝග 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත

කෙටි පිවිසුම්

The President of Sri Lanka



The Parliament of Sri Lanka


Government of Sri Lanka Web Portal


පුවත් වෙබ් අඩවි ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත‍්‍රය.

අප සමග එක්වී සිටින අය

අප සමඟ අමුත්තන් 6 ක් සබැදී සිටී

පුවත් පත්

  download    Sunday Observer   Lankapuvath